බරවා මර්දන ව්යාපාරයේ මූලස්ථානය සහ ආවේණික දිස්ත්‍රික්කවල ප්රාදේශීය ඒකක මගින් බරවා රෝගීන් ලියාපදිංචි කර ඔවුන්ට ප්රතිකාර ලබා දීම සිදු කරනු ලැබේ. එම රෝගීන්හට අත්යවශ්ය පැකේජය යටතේ රෝග කළමනාකරණය සහ ආබාධ වැලැක්වීම සහ පසු විපරම් සේවා සපයනු ලැබේ. යහපත් සනීපාරක්ෂාව, සම රැකබලාගැනීම, ඉදිමුණු අත් පා ඔසවා තබා ගැනීම, ව්යායාම සහ සුදුසු පාවහන් පැළඳීම ඊට අයත් වේ. තවද, සායන සඳහා සහභාගී වීමට අපහසු රෝගීන් සඳහා නිවසට ගොස් ප්රතිකාර කිරීමට සැළසුම් කරමින් පවතී.

බරවා මර්දන ව්යාපාරය, රෝහල් සහ මහජන සෞඛ්ය කාර්ය මණ්ඩල සමඟ එක්ව ප්රජාවෙහි මෙන්ම රෝහල්වල බාහිර රෝගී අංශය, සායන සහ වාට්ටු වෙත ප්රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතරින් අවයව ඉදිමීම සහිත රෝගීන් හඳුනා ගෙන, සායන සඳහා යොමු කිරීම සිදු කරයි. අවයව ඉදිමීම සහිත රෝගීන්ගේ ව්‍යාප්තිය තහවුරු කර ගැනීම සඳහා අවයව ඉදිමීම පිළිබඳ ජාතික සමීක්ෂණ දත්ත (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණය) ලබා ගැනීමට මෙම ව්‍යාපාරය කටයුතු කරමින් ඇත.