ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.
බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!
අපගේ සේවාවන්
ආවේණික දිස්ත්‍රික්ක වල පරපෝෂිතයන් සඳහා පරීක්ෂා කිරීම
රුධිරයෙහි ක්ෂුද්‍ර පණුවන් සිටින රෝගීන් සඳහා ඵලදායී සංයෝජක ප්‍රතිකාර ලබාදීම
ආවේණික ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල කීට විද්‍යා සමීක්ෂණ සිදු කිරීම සහ සම්ප්‍රේෂණය වැළක්වීමේ ක්‍රම හඳුන්වා දීම
බෘගියා ආසාදනය සඳහා ග්රාහක ප්‍රදේශ වල සංචිත ආවේක්ෂණය කිරීම
දීර්ඝ කාලීන සංකූලතා සහිත රෝගීන් ආවේක්ෂණය කිරීම සහ අවයව ඉදිමීමෙන් පීඩා විඳින රෝගීන්හට ‘රෝග කළමනාකරණය සහ ආබාධිත තත්ත්වයන් වැළක්වීමේ සේවා’ සැපයීම (Morbidity Management and Disability Prevention- MMDP)
පුහුණු වැඩසටහන්
උපදේශනය, තොරතුරු අධ්‍යාපන සන්නිවේදන ක්‍රියාකාරකම් සහ සමාජ බලමුලු ගැන්වීම මගින් දැනුවත්භාවය වැඩි කිරීම
මෙහෙයුම් පර්යේෂණ පැවැත්වීම
වැඩසටහන අධීක්ෂණය සහ ඇගයීම
අන්තර් පාර්ශ්වීය සහයෝගීතාව
වැළැක්වීමේ පියවර
මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම
බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ.
එක්දින ප්‍රතිකාර ක්‍රමය
එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි.
මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම
බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය.
වාහක පාලනය
වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.
ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම
සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ.
Dr. එස්. ටී. ඒ. පී. සේරසිංහ
ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සඳහා වගකිව යුතු මහජන සෞඛ්‍ය ආයතනය වන බරවා මර්දන ව්‍යාපාරයේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ශ්‍රී ලංකාව,
බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවනසේ තුරන් කළ රටක්
ලෙස තහවුරු කරන ලදී.
2030 වන විට, රෝගය සම්පූර්ණයෙන් සම්ප්‍රේෂණය වීම නැවැත්වීමේ අරමුණ ඇතිව,
පශ්චාත්-වලංගු කිරීමේ ආවේක්ෂණ අදියරේ දැනට කටයුතු කරමින් පවතී.
අධ්යක්ෂ, බරවා මර්දන ව්‍යාපාරය

තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැස්වීම 2024-07-26
[my_calendar]
Post validation phase
0
2025 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටලය)
0
2025 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක සංක්‍රමණික රෝගීන් සංඛ්‍යාව (බරවා රෝගය ප්‍රතිදේහජනක පරීක්ෂණය)
0
ආවේණික දිස්ත්‍රික්කවල සායනවල ලියාපදිංචි වූ මුළු වසා ගැටිති රෝගීන් සංඛ්‍යාව (2025 තුළ)
0
2025 වසර තුළ රෝගීන් විසින් සායන සඳහා කළ මුළු පැමිණීම් සංඛ්‍යාව












