දැක්ම

2030 වසරේදී ශ්‍රී ලංකාවෙන් බැන්ක්රොෆ්ටියන් බරවා රෝගය තුරන් කිරීම

මෙහෙවර

බරවා රෝගය තුරන්කර එය එලෙස පවත්වාගෙන යාම සහ අවේක්ෂණ කටයුතු විධිමත්ව වැඩි දියුණු කර ගැනීම හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ ප්‍රජාව සවි බල ගැන්වීම මගින් රෝගීන්ට ඇතිවන අපහසුතා සහ ආබාධිත තත්වයන් මගහරවා ගැනීම

අරමුණු

  • 2030 වසරේදී, ශ්‍රී ලංකාවේ  බරවා රෝගය, රට තුල සම්ප්‍රේෂණයවීම සම්පුර්ණයෙන් නතර කිරීම
  • ශ්‍රී ලංකාවේ බෘගියන්  බරවා රෝගය(brugian filariasis) නැවත ස්ථාපිතවීම වැළැක්වීම
  • රෝග කළමනාකරණය සහ අබාධිත තත්වයන් වැළැක්වීමේ සේවාවන් සෞඛ්‍ය පද්ධතිය සමග ඒකාබද්ධ කිරීම මගින් සියලුම දීර්ඝ කාලීනව අත්පා ඉදිම්මේ තත්වයන් ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය සත්කාර පැකේජයක් ලබාදීම

නිශ්චිත අරමුණු

  1. 2023 වසරේදී බැන්ක්‍රොෆ්ටියන් (bancroftian) ක්ෂුද්‍ර පණු අනුපාතය 0% ක අගයකට ගෙන ඒම සඳහා පශ්චාත් වලංගු කාල සීමාව තුළ අනුගමනය කරන පරපෝෂිත ආවේක්ෂණ ශක්තිමත් කිරීම සහ රෝගීන් බහුල වශයෙන් වාර්තා වන ප්‍රදේශ (hot spots) වල රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම
  2. සංචාරකයන් මගින් බරවා රෝගය රට තුලට නැවත ඇතුල්වීම වැලැක්වීම
  3. රෝග කළමනාකරණය සහ අබාධිත තත්වයන් වැළැක්වීමේ (MMDP) සේවාවන් ඒකාබද්ධ කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියට අනුගත කිරීම සහ බරවා රෝගය මගින් ඇති කරන සංකූලතා ඇති රෝගීන්ට අත්‍යාවශ්‍ය සත්කාර පැකේජයක් ලබාදීම
  4. අත් පා ඉදිමුණු රෝගීන්ගේ, බරවා රෝගය ආශ්‍රිතව ඇතිවන සංකූලතා සහ අබාධිත තත්වයන්ගේ ඇතිවීම වැළැක්වීම
  5. 2023 වසරේදී බැන්ක්‍රොෆ්ටියන් (bancroftian) බරවා රෝගය සම්ප්‍රේෂණය වීම 0% ක අගයකට ගෙන ඒම සඳහා පශ්චාත් වලංගුකරණ කාලයේදී ක්‍රියාත්මක කරන කීට විද්‍යාත්මක ආවේක්ෂණය කටයුතු ශක්තිමත් කිරීම
  6. උපදේශනය, දෘශ්‍යතාවය සහ එහි ආකෘතිය ශක්තිමත් කිරීම මගින් බරවා රෝගය පාලනය සහ තුරන් කිරීම සදහා අප රටේ සෞඛ්‍ය, සෞඛ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ  පාර්ශවකරුවන්ගේ සියලු මට්ටම් වල සම්පත් බලමුලු ගැන්වීම.
  7. බරවා රෝගය පිලිබඳ නොදත් කරුණු  සඳහා සාක්ෂි සොයා ගැනීමට සැලසුම් කිරීම, මෙහෙයුම් පර්යේෂණ පැවැත්වීම සඳහා පහසුකම් සැලැස්වීම මගින් බරවා රෝග සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් තුරන් කිරීම.