බරවා මර්දන ව්‍යාපාරය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරවා මර්දන ව්‍යාපාරය, මෙරට බරවා රෝගය පාලනය කිරීම සම්බන්ධව වගකීම දරන ආයතනයයි. එය 1947 ඔක්තෝබර් 24 වැනි දින පිහිටුවන ලදී. 1989 න් පසු බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල පළාත් මට්ටමේ බරවා මර්දන ඒකක පිහිටුවන ලදී. වර්තමානයේ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය බරවා මර්දන ඒකක (Regional Anti Filariasis Units -RAFUs) අටක් පිහිටුවා ඇති අතර පරිපාලන අධිකාරිය පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සතු වේ. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් (Regional Medical Officers-RMOO) බරවා මර්දන ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කරන අතර ආවේණික දිස්ත්‍රික්කවල බරවා රෝග පාලනය සහ වැළැක්වීමේ සමස්ත ප්‍රයත්නයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයති.

2030 දී බeන්ක්රෝෆ්ටියන් බරවා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම ඉලක්ක කරගනිමින්, බරවා මර්දන ව්‍යාපාරය, බරවා මර්දනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ, උපාය මාර්ගික සැලසුම් සැකසීම, ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ඇගයීම, මෙහෙයුම් පර්යේෂණ, සම්ප්‍රේෂණය පිළිබඳ සමීක්ෂණ ක්‍රියාත්මක කිරීම, සහ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම, මෙන්ම ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්ට (RMOO) අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමද සිදු කරයි.

බරවා ක්ෂුද්‍ර පණු අනුපාතය (MF අනුපාතය) 1% ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම හේතුවෙන්, 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස බරවා රෝගය තුරන් කළ බව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සාර්ථකත්වය අපගේ හිටපු අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, කීට විද්‍යාඥයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් (HEOO), මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFOO), මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් (PHLTT), මූලස්ථානයේ සහ ප්‍රාදේශීය බරවා මර්දන ඒකකවල අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් පරපෝෂිත  හා කීට විද්‍යාත්මක ක්‍රම මගින් රෝග ආවේක්ෂණය කිරීමේ සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රතිඵලයකි.

සංවිධානාත්මක ව්‍යුහය - බරවා මර්දන ව්‍යාපාරය

Clinic Schedule for Locals

UnitDatePlaceTime
Anti Filariasis CampaignEvery Monday & WednesdayAnti Filariasis Campaign8.30 a.m.-4.15 p.m

Clinic Schedule for Immigrants

UnitDatePlaceTime
Anti Filariasis CampaignEvery FridayAnti Filariasis Campaign8.30 a.m.-4.15p.m

Night Blood Film Clinic

UnitDatePlaceTime
Anti Filariasis CampaignEvery MondayAnti Filariasis Campaign08.00p.m.-10.00p.m

OUR CAPTURED MOMENTS