ශ්‍රී ලංකාවේ, බරවා රෝගීන් හඳුනා ගැනීමේ මූලික ක්‍රමය ලෙස යොදා ගැනෙන්නේ රාත්‍රී රුධිර පටල (NBF) පරීක්ෂාවයි. මෙහිදී, ඝන රුධිර පටල සහිත විදුරු කදාවන්, අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කිරීමෙන් රුධිර පටලයේ ඇති ක්ෂුද්‍රපණුවන් හදුනා ගැනේ. ක්ෂුද්‍ර පණු අනුපාතය (mf rate) බරවා රෝගය සදහා ප්‍රධාන දර්ශකය වන අතර එය ගණනය කරනු ලබන්නේ:
1981- 2024 දක්වා බරවා රෝගය සදහා ආවේනික දිස්ත්‍රික්ක වල ක්ෂුද්‍ර පණු අනුපාතය ප්‍රස්තාරය මගින් දැක්වේ.මෙම කාලය තුලදී ක්ෂුද්‍ර පණු අනුපාතය, අඛණ්ඩව 1% වඩා අඩු අගයන්හි පැවතියේය. 1997 දී, නියමු ව්‍යාපෘතියක් ලෙස පළමු එක්දින ප්‍රතිකාරය (MDA), Diethylcarbamizine Citrate නම් ඖෂධය ලබාදී සිදු කරන ලදී. පසුව, 2000 වසරේ දී බරවා රෝගය සඳහා ආවේණික දිස්ත්‍රික්කවල නැවත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. තවද 2002-2006 වසර දක්වා ආවේනික දිස්ත්‍රික්කවල MDA ප්‍රතිකාරය ලබා දීමේදී, DEC ඖෂධයට අමතරව, Albendazole නම් ඖෂධයද ලබාදෙන ලදී
2010-2012 කාලය තුලදී, MDA ප්‍රතිකාරයෙන් පසුව ක්ෂුද්‍ර පණු අනුපාතය අඩු වූ අයුරු ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරයි. නමුත් 2013 සහ 2014 වසර වලදී, ක්ෂුද්‍ර පණු අනුපාතයේ තාවකාලික වැඩිවීමක් සිදු වූ අතර, එය මූලික වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කල NBF පරීක්ෂාවකින් පසු, වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විම හේතුවෙනි. එයට ප්‍රතිචාරයක් වශයෙන් AFC මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ MDA ප්‍රතිකාරය ක්‍රියාත්මක කළේය.
1980 කාලයේ සිට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර පණු අනුපාතය අඛණ්ඩව 1% ට වඩා අඩුවෙන් පැවතුනි. එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින්, ශ්‍රී ලංකාව බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් වීමෙන් තුරන් කල රටක් ලෙස පිළිගන්නා ලදී. 2016 වසරෙන් පසු ක්ෂුද්‍ර පණු අනුපාතය 0.05% ට වඩා අඩු වූ අතර, 2024 වසරේ දී එය 0.0047%ක් ලෙස වාර්තා විය