වසර කිහිපයක සිට රෝගීන් හමු නොවූ ආවේණික දිස්ත්‍රික්කවල සම්ප්‍රේෂණ තත්වය තක්සේරු කිරීමට සමීක්ෂණ (TAS) පැවැත්වීමට බරවා මර්දන ව්යාපාරය සැලසුම් කරයි. TAS විසින් දිස්ත්‍රික්කයේ බරවා රෝගීන්ගේ පැතිරීම් තත්ත්වය තහවුරු කරනු ඇති අතර, එය අදාළ දිස්ත්‍රික්කය, ආවේණික නොවන තත්වයකදැයි තීරණය කිරීමට උපකාර වනු ඇත. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසර 3කට වැඩි කාලයක සිට කිසිදු රෝගියෙකු හඳුනාගෙන නොමැති බැවින් එහි මෙම සමීක්ෂණය පවත්වනු ලැබේ.