බෘගියා ආසාදනය ඇති වන්නේ Brugia malayi (බෘගියා මලායි) නම් බරවා පරපෝෂිතයා මගින් වන අතර මෙම ආසාදනය සතුන් මගින් ද සම්ප්රේෂණය වන බව විශ්වාස කෙරේ. බෘගියා ආසාදනය සහිත රෝගියකු වාර්තා වූ විට එම රෝගියාට ප්රතිකාර ලබා දීමට අමතරව ඒ අවට මීටර් 500ක වපසරිය තුළ ජීවත් වන ප්රජාවට ද එක් දින ප්රතිකාරය ලබා දීම සිදු කරයි. ඊට අමතරව එම ප්රජාව අතර සිටින සතුන් (බල්ලන්, බළලුන් සහ ගවයන්) බරවා ආසාදනය සඳහා පරීක්ෂා කිරීමද සිදු කෙරේ. මෙම පරීක්ෂණ වලින් ආසාදිත බවට වාර්තා වන සතුන්ට ප්රතිකාර කිරීම, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇත.