බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!

අපි කවුද ?

ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.

අපගේ ව්‍යාපාරය ගැන වැඩි විස්තර

අපගේ සේවාවන්

වැළැක්වීමේ පියවර

මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම

බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ.

එක්දින ප්‍රතිකාර ක්‍රමය

එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි.

මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම

බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය.

වාහක පාලනය

වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.

ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම

සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ.
මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම: බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ. බරවා රෝගය වර්ග දෙකකි: මානව ලැදි සහ සතුන්ට ලැදි යන දෙකම මිනිසුන්ට ආසාදනය විය හැකිය. මිනිසුන්ගෙන් රාත්‍රී කාලයේද,  සතුන්ගෙන් දිවා කාලයේ ද ලබා ගන්නා රුධිර පටල, අන්වීක්ෂය තුලින් බලා පරපෝෂිතයා හඳුනාගැනීමෙන්, මිනිසුන්ට සහ සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකිය.
එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි. ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම, පරපෝෂිතයාගේ සම්ප්‍රේෂණ චක්‍රයට බාධා කිරීම සහ නව ආසාදන ඇතිවීම වැළැක්වීම සඳහා බරවා රෝගය ආවේණිකවූ  ප්‍රදේශවල ප්‍රජාවන්ට, ඖෂධ ලබා දීම එයට ඇතුළත් වේ.
මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම: බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය. මීට අමතරව, සැහැල්ලු වර්ණයෙන් යුත් දිගු අත් සහිත කමිස සහ කලිසම් හෝ සායක් වැනි ආරක්ෂිත ඇඳුම්, විශේෂයෙන් රාත්‍රියේදී ඇඳීමෙන් මදුරුවන් දෂ්ට කිරීම තවදුරටත් වළක්වනු ඇත. මදුරු දැල් තුල නිදා ගැනීම සහ දොරවල් සහ ජනෙල් මත තිර සවි කිරීම ද නිර්දේශ කෙරේ.
වාහක පාලනය: වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි. අවහිර වූ කාණු වැනි එකතැන පල්වෙන ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම, වැසිකිළිවලවල් නිසි ලෙස මුද්‍රා තැබීම, ජලජ පැලෑටි ඇති ජල මුලාශ්‍ර වෙත කීට භක්ෂක මසුන් මුදා හැරීම සහ කෘමිනාශක ඉසීම එවැනි ක්‍රියාමාර්ගවලට  උදාහරණ වේ.
ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම : සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ. බරවා  ප්‍රතිදේහජනක පරීක්ෂණය (Filaria Antigen Test- FAT) භාවිතයෙන් පරීක්‍ෂා කර, ප්‍රතිකාර සඳහා, සංක්‍රමණිකයන් බරවා මර්දන ව්‍යාපාරය වෙත යොමු කරනු ලැබේ. මෙම උපාය මාර්ගය මගින් සංක්‍රමණික සේවකයින් හරහා රෝගය සම්ප්‍රේෂණය වීම වැලැක්වේ.
තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැස්වීම 2024-07-26

Events in මාර්තු 2026

සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා
පෙබරවාරි 23, 2026
පෙබරවාරි 24, 2026(1 event)

Monthly National Review of RMOO

පෙබරවාරි 24, 2026

පෙබරවාරි 25, 2026(1 event)

RAFU Puttalam Monthly Meeting

පෙබරවාරි 25, 2026

පෙබරවාරි 26, 2026(1 event)

RAFU Colombo Monthly Meeting

පෙබරවාරි 26, 2026

පෙබරවාරි 27, 2026
පෙබරවාරි 28, 2026
මාර්තු 1, 2026
මාර්තු 2, 2026
මාර්තු 3, 2026
මාර්තු 4, 2026
මාර්තු 5, 2026
මාර්තු 6, 2026
මාර්තු 7, 2026
මාර්තු 8, 2026
මාර්තු 9, 2026
මාර්තු 10, 2026(1 event)

RAFU Kalutara Monthly Meeting

මාර්තු 10, 2026

මාර්තු 11, 2026(2 events)

RAFU Galle Monthly Meeting

මාර්තු 11, 2026

RAFU puttalam staff training program and goods distribution

මාර්තු 11, 2026

මාර්තු 12, 2026(4 events)

RAFU Hambantota Monthly Meeting

මාර්තු 12, 2026

RAFU Matara Monthly Meeting

මාර්තු 12, 2026

RAFU Colombo staff training program and goods distribution

මාර්තු 12, 2026

Technical Advisory Group Meeting

මාර්තු 12, 2026

මාර්තු 13, 2026
මාර්තු 14, 2026
මාර්තු 15, 2026
මාර්තු 16, 2026(1 event)

RAFU Kurunegala staff training program and goods distribution

මාර්තු 16, 2026

මාර්තු 17, 2026(1 event)

RAFU Matara staff training program and goods distribution

මාර්තු 17, 2026

මාර්තු 18, 2026(3 events)

RAFU Gampaha Monthly Meeting

මාර්තු 18, 2026

RAFU Kurunegala Monthly Meeting

මාර්තු 18, 2026

RAFU Gampaha staff training program and goods distribution

මාර්තු 18, 2026

මාර්තු 19, 2026(2 events)

Monthly Technical Staff Performance Review

මාර්තු 19, 2026

Technical Staff Review Meeting

මාර්තු 19, 2026

මාර්තු 20, 2026(1 event)

RAFU Galle staff training program and goods distribution

මාර්තු 20, 2026

මාර්තු 21, 2026
මාර්තු 22, 2026
මාර්තු 23, 2026
මාර්තු 24, 2026(2 events)

Monthly National Review of RMOO

මාර්තු 24, 2026

National Review Meeting of RMOO

මාර්තු 24, 2026

මාර්තු 25, 2026(2 events)

RAFU Puttalam Monthly Meeting

මාර්තු 25, 2026

RAFU Hambanthota staff training program and goods distribution

මාර්තු 25, 2026

මාර්තු 26, 2026(1 event)

RAFU Colombo Monthly Meeting

මාර්තු 26, 2026

මාර්තු 27, 2026
මාර්තු 28, 2026
මාර්තු 29, 2026
මාර්තු 30, 2026(1 event)

RAFU Kalutara staff training program and goods distribution

මාර්තු 30, 2026

මාර්තු 31, 2026(1 event)

TOT program for RMO at AFC H/Q

මාර්තු 31, 2026

අප්‍රේල් 1, 2026
අප්‍රේල් 2, 2026
අප්‍රේල් 3, 2026
අප්‍රේල් 4, 2026
අප්‍රේල් 5, 2026

Post validation phase

0
2024 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටලය)
0
2024 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක සංක්‍රමණික රෝගීන් සංඛ්‍යාව (බරවා රෝගය ප්‍රතිදේහජනක පරීක්ෂණය)
0
ආවේණික දිස්ත්‍රික්කවල සායනවල ලියාපදිංචි වූ මුළු වසා ගැටිති රෝගීන් සංඛ්‍යාව (2024 තුළ)
0
2024 වසර තුළ රෝගීන් විසින් සායන සඳහා කළ මුළු පැමිණීම් සංඛ්‍යාව