Monthly Technical Staff Performance Review
අප්‍රේල් 17, 2025
බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!
ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.
බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ.
එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි.
බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය.
වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.
සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ.
Dr. එස්. ටී. ඒ. පී. සේරසිංහ
ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සඳහා වගකිව යුතු මහජන සෞඛ්‍ය ආයතනය වන බරවා මර්දන ව්‍යාපාරයේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ශ්‍රී ලංකාව,
බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවනසේ තුරන් කළ රටක්
ලෙස තහවුරු කරන ලදී.
2030 වන විට, රෝගය සම්පූර්ණයෙන් සම්ප්‍රේෂණය වීම නැවැත්වීමේ අරමුණ ඇතිව,
පශ්චාත්-වලංගු කිරීමේ ආවේක්ෂණ අදියරේ දැනට කටයුතු කරමින් පවතී.
අධ්යක්ෂ, බරවා මර්දන ව්‍යාපාරය
Notifications