ප්‍රධාන ආයතනය හෝ ප්‍රාදේශීය ඒකක විසින් හඳුනාගත් ගැටළු සඳහා උපාය මාර්ගික වැදගත් තීරණ ගැනීම සඳහා බරවා මර්දන ව්‍යාපාරය, වසරක දෙවරක් තාක්ෂණික උපදේශක කමිටු (TAG) රැස්වීම් පවත්වයි.
එසේම, එක් එක් නිලධාරියාගේ කාර්ය සාධනය ඇගයීම සඳහා මෙම ව්‍යාපාරය මගින් සියලුම ආවේණික දිස්ත්‍රික්කවල වාර්ශික සමාලෝචන පවත්වයි. මෙම රැස්වීම් පවත්වනු ලබන්නේ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්යක්ෂ, කලාපයේ සහ පළාතේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරුන් ප්‍රාදේශීය ඒකක වල නිලධාරීන් සහ මුලස්ථානයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙනි.
ආවේණික දිස්ත්‍රික්ක විසින් පවත්වනු ලබන ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ඇගයීම සඳහා මූලස්ථානයේදී මාසික සහ කාර්තුමය වශයෙන් සමාලෝචන පවත්වනු ලැබේ.
වාර්ශික ප්රකාශනය සම්පාදනය කරනු ලබන්නේ කීට විද්‍යාත්මක, පරපෝෂිත විද්‍යාත්මක සහ සායනික දත්ත සම්පාදනය කිරීමෙන් පසුව වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ බරවා රෝගී දර්ශක පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දේ.